🎄 නත්තල් 🎅 බෞද්ධ මාත් නත්තල් කියන වචනෙට මාර ආසයි. මන් පොඩි කාලෙ මගෙ නත්තල් මතක ගොඩක් තියෙනවා. ඒ අතරින් මගෙ හොදම මතකෙ තමා නත්තල එනවා කියල කියන සීතල හුළග. ලංකාවෙ ඉන්න අපිට ඉතින් නත්තල් හිම කියන්නෙ නම් හීනයක්නෙ. ඒත් සීතල හුළග නම් මට අවුරුද්දෙ ඕනම කාලෙක මතක් කර කර විදින්න පුලුවන්. නත්තලත් එක්ක මට තියෙන්නෙ සුපිරි මතකයන් කිව්වොත් හරි. මොකද අපේ ගෙදර එකා යකා වෙච්චි මට නත්තල කියන්නෙ ඉතින් තෑගි ගොඩක් හම්බෙන දවසක්..කිතුණු යාලුවොන්ට ඒක සාමාන්‍ය වුණාට බෞද්ධ හැමෝටම එහෙම නත්තල විශේෂ නෑනේ.😉 කොහොමහරි මං චූටි කාලෙ ඉදන්ම නත්තල් දවසට ලෑස්ති වෙන්නෙ දෙසැම්බර් මාසෙ පටන් ගන්නවත් එක්කමයි..පුදුම රාජකාරි ගොඩක් තිබ්බෙ ඒ කාලෙ ඉදන්ම😋 📽ෆිල්ම් බැලීම. "සීතල දෙසැම්බරේ සිරස ටීවි එකෙ පෙන්නන ළමා චිත්‍රපට නරඹා පුංචි යාලුවොත් තෑගි දිනාගන්න"▲ එහෙම තමා සිරසේ කතා කරන ඇන්ටි ෆිල්ම් බලන්න එන්න කියල අපිට කිව්වෙ..ඒ තාලෙට තාමත් ඒ වාක්‍ය කියන්න පුලුවන්. ඉතින් කෝම හරි ඒ කාලෙ ඔය හඩකවපු ළමා චිත්‍රපට බලන එක තම නත්තල් කාලෙ මගෙ ප්‍රමුඛ රාජකාරිය. නත්තල් දවසෙ උදේ ඉදන් ටී.වී එක ඉස්සරහ ඉදගෙන නත්තල් දේව මෙහෙය බලලා, ඊළගට යන හින්...
The blog = To share To connect To create To inspire