අකලට පිපුණු රතුරෝස
හිත වටකර බැදි වැට මැද
කිණිහිරියා මල් පිපුණා..
සැදෑ අදුරට පෙම් කල ඇගෙ සිත
කදෝපැණියෙකු දෙසට ඇදුණා..
දුටුව ලෝකය, නොදුටු සක්වල
මහමෙරක් ලෙස හිතට දැණුනා..
සිව්කොණින් ඇවිලෙනා ගිනි දළු
ප්‍රේමයට පෙරවදන ලිව්වා..
අකලට වැටෙනා සහසක් වැසි මැද
හිතට හොරා හිත මුරණ්ඩු වෙනවිට
නටුව අග තිබුණ කටු දෙනයනට දැක දැකම
රැකපු රතු රෝස මලෙ පෙති නොහැළුනේ මන්ද?
නිශායාමේ ලකල් සද දිය මත
වැටෙන සෙවණැලි ගතු කියන විට
කෝඩුකාර හිතෙ නොඉඳුල් ආලය
කල වරද නොතේරෙන කල
මරාදමනු හැකි වේද - උපන් ගෙයි ඇතුළේම
සම්මතය - අසම්මතය
වාසිය කොයිබටද?
ආලයක් ඇතිවෙන්න
ඇසිල්ලක්, ඇති නොවෙද?
මම KVI's area එකේ කවි.
❤️❤️❤️😍😍😍
ReplyDelete