දෙදාස් විසි
එකේ මැයි මාසේ විසි හතරවෙනිදා ප.ව හතරයි විසි තුනයි වෙලාව.
මාස ගාණකට
පස්සේ ආයෙත් blog එක ලියන්න පටන් ගත්තා. මගේ අම්මා හැමදාම කියන්නේ "කවී ඔයා ලේසියෙන්
දේවල් අතාරිනවනේ, එහෙම වෙන්න එපා. දෙයක් කරන්න පටන් ගත්තොත් දිගටම කොහොම හරි යන්න"
කියලා.ඉතින් ඔන්න අම්ම කිව්වා නිසා අත ඇරෙන්න ගියපු දෙයක් ආයේ කරන්න පටන් ගත්තා. කොරෝනත්
එක්ක මේ දවස් ටිකේම ගෙදරට වෙලා online lectures
සම්බන්ද වෙන ගමන් මගේ සුපුරුදු hobby එක වෙන kdrama බලන ගමන් ඉද්දි තමයි මේ
ආපහු blog එක ආපහු ලියන්න පටන් ගත්තේ. ඉතින් මේ වෙලාවේ මං කල්පනා කරන්නේ මොනවා ගැනද කියලා. මට ඇත්තටම කිසිම අදහසක් නම් නැ.
දෙදාස් විසි
එකේ මැයි මාසේ විසි හතරවෙනිදා ප.ව. හයයි හතරයි
වෙලාව.
ලියන්න දෙයක්
හිතුනා. ලොකුවට හිතන්නේ නැතුව මං බලන
kdrama එකක් ගැන ලියන එක හොද restart එකක් වෙයි කියලයි හිතුවේ.
👀 හොදයි මෙහෙම පටන් ගමු.
කොරියානු
සිනමාව, කතා මාලා හා කොරියානු පොප්
සංගීතය කිව්වහම ලංකාවෙ බොහෝ දෙනෙක් හිනාවෙන්න පටන් ගන්නවා "ඒවගෙ ඉන්න කොල්ලොන්ට රැවුල නෑ
ය, උන් ගෑණු වගේ ය," ආදී දහසක් කතා කියන ගමන්. කොහොම උනත් කොරියානු සිනමාව උඩු යටිකුරු කරපු සිනමාවන්, කතා මාලාවන් මෑත කාලීනව ප්‍රේක්ෂකයන්ට නරඹන්න
හැකියාව ලැබුණා. "රැවුල නැත්තන් ගෑණුය" කියපු උන්ට "හික්" ගෑවෙන්න කොරියානු සිනමාව සුපිරි කනේ පහරවල් කිහිපයක්ම පහු ගිය දවස්වල එල්ල කලා. සමාජයේ ඉන්න කලු චරිත සුදු චරිත වගේම අලු චරිතත් සුපිරියටම උලුප්පලා දක්වන්න කොරියන් කාරයෝ උත්සහ කරලා තියෙනවා කියල බලපු අයට නම් තේරෙයි.
ඉතින් එහෙම මගේ හිතටත් වැදුණු සුපිරි tv series එකක් ගැන තමා මං කියන්න යන්නේ.
අදහස් උදහස් සියල්ලම පහලින් කොටාගෙන යන බලාපොරොත්තුව පෙරදැරි කරගෙන කියවන
ලෙස සැදැහැ සිතින් ඉල්ලමි.
මෙහි අඩංගු
සියලු තොරතුරු google හා facebook හරහා ලබාගත් බව කරුණාවෙන් සලකන්න.
Vincenzo (2021) 빈센조
Vincenzo korean Drama series එක
netflix හී නවතම කතා මාලාවක් විදිහට අන්තිමම තප්පරේටම telecast වෙලා
ඉවර උනා. ඉතාලි මාෆියාව සහ කොරියානු දේශපාලන,
සමාජීය හා නීතිමය පැතිකඩේ
අදුරු යථාර්ථය ගැන කැලඹිලි සහගත , ආන්දෝලනාත්මක කතා මාලාවක් විදිහටත් මේක හදුන්වන්න පුළුවන් . කොරියානු සම්භවයක් සහිත ඉතාලි මාෆියා ඇසුරේ හැදුනු වැඩුණු ලේ වැකුණු අතීතයක්
ඇති වින්චෙන්සෝ කසානෝ නම් දක්ෂ සුප්‍රසිද්ධ තරුණ නිතීඥවරයා හදිසියේ ඉතාලියේ සිට කොරියාවේ Geumga Plaza නමින් හැදින්වෙන ගොඩනැගිල්ලේ අයිතිකරු වශයෙන් පෙනී සිටිමින් කොරියාවට එනවා. එහෙම එන්නත් එයාට සෑහෙන්න වටින ( රත්තරං වටින ) හේතුවක් තියනවා .
Vincenzo කතා මාලාව පටන් ගන්න දර්ශන තලය කතාව ඉස්සරහට ගලාගෙන යන විදිහ ගැන හොද කුතුහලයක් පවත්වගෙන යන්න ඉඩ හරිනවා. කතාව පුදුම තරම් interesting . පටන් ගැන්ම dark note එකක් උනාට thriller , crime , comedy , romance , sarcastic වගෙ කැටගරි වලින එහෙට මෙහෙට වෙවී වෙනස්ම මාර්ගයකට ප්‍රේක්ෂකයාව අරන් යනවා. මේක මුලින්ම දැක්කම මාර serious වැඩක් වගේ පේන්න පුළුවන් . හැබැයි නැති වෙන කිසි දෙයක් නෑ. නියම රස අච්චාරුවක් ❤️
Vincenzo කියන්නෙ හැම තිස්සේම අළු කතාවක් ! කතාවේ ඔයාගේ වීරයා ඔයාටම තෝරගන්න පුළුවන් . ඒ වගේම ඔයාගේ දුෂ්ඨයා කව්ද කියන එකත් ඔයාට අනුව තමයි. හොද - නරක කියලා බෙදීමක් නෑ. Social constructed අනුව ගත්තොත් vincenzo කියන්නෙ නපුර විනාශ කරන්න පුළුවන් ඒ වගේම යක්ෂයෙක්ට කියන එක සහ අපි ජීවත් වෙන අළු ලෝකේ ඇතුලේ සදාකාලික ශුද්ධත්වන්තයෝ වත් සදාකාලික අපාය සහයකයෝවත් නැහැ කියන එකයි. ඔයාගේ වල කපා ගන්නේ ඔයාමයි. එහෙම කපා ගත්ත වල බැද ගන්නේ පස් වලින්ද , කොන්ක්‍රීට් තට්ටුවකින්ද , රත්තරනෙන්ද කියන එකත් ඔයාගෙ තීරණ වල එකතුවක් වෙන්න පුළුවන් .
හැම මනුස්ස ජීවිතයක්ම කවදාවත් සම්පූර්ණ වෙන්නෙ නැහැ. හැමෝම නරකයි. මේ කතාව එහෙම වැඩියෙන් නරක මනුස්සයොන්ට විරුද්ධව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත්, නීතියෙන් නිසි පිළිසරණක් නොලැබීම නිසා තම තමන්ගේ නීතියෙන් දඩුවම් කරන හදවතේ තෙතමනක් ඇති නමුත් අළු මිනිස්සුන්ගේ කතාවක්! මම වැඩියෙනුත් මේකට කැමති අන්න ඒ නිසයි.
Vincenzo කතා මාලාව මෙච්චර සාර්ථක වෙන්න හේතු වුන අනික් හේතුව තමයි Kim Yeo-jin රගපෑමෙන් දායක උනු choi myung hee ගේ චරිතය. උප ප්‍රධාන චරිතයක් විදිහට අපි ඉස්සරහට එන ඇය ඇගේ ලේ රත්කරවන තරමට දෙන්න පුළුවන් උපරිම සාදාරණය චරිතයට ලබා දෙනවා. අනික් කෙනා jang jung woo ගේ චරිතයට පන පොවන Taecyeon. මනුස්සයෙක්ට එච්චරම දරුණු වෙන්න පුළුවන් කියන ඇත්තත්, politicize වෙච්ච සමාජයක් ඇතුලේ සැබෑ සාදාරණය කියන්නෙ නිකන් ආතල් එකක් විතරයි කියන එකත් තිතට දනවන්න මේ අයට පුළුවන් වෙලා තියෙනවා.
මට අනුව vincenzo කියන්නෙ මම highly recommend කරන kdrama එකක්. මම විශ්වාස කරන ඇත්තෙන් භාගෙකට වඩා මේක ඇතුලෙ තියනවා. කොහේවත් හොද මිනිස්සු කියලා ජාතියක් නෑ. මිනිස්සු කරන්නේ තම තමන්ට ලැබෙන පරිසරය අනුව අනුවර්තනය වෙවී ඉස්සරහට යන එන. ජීවිතේ හැම පුංචි හැල හැප්පීමක්ම තප්පරේකට හරි මනුස්සයෙක් අමුනුස්සයෙක් කරන්නත් අමනුස්සයෙක් මනුස්සයෙක් කරන්නත් හේතු වෙනවා!
ඉතින් නොබලපු kdrama fansලටත්, එහෙම නොවන කුතුහලයෙන් ඉන්න අයටත් මම මේ drama එක recommend කරන්න කැමතියි.
Genre: Dark comedy
Episode : 20
Network: TVN
Program creators: TVN, Studio Dragon
Languages: Korean, Italian
Director
Kim Hee Won
Screenwriter
Park Jae Bum
Executive producer
Lee Jang Soo
Main Role
Song Joong Ki - Vincenzo Cassano / Park Joo Hyung
Jeon Yeo Bin - Hong Cha Young
Ok Taec Yeon - Jang Jun Woo
Support Role
Kim Yeo Jin - Choi Myung Hee [Prosecutor]
Jo Han Chul - Han Seung Hyuk [CEO of Woosang Law firm]
Kwak Dong Yeon - Jang Han Seo [Head of Babel Group]
Yoo Jae Myung - Hong Yoo Chan [Cha Young's father / LawAwards and nominations
Year |
Award |
Category |
Recipient |
Result |
Ref. |
2021 |
Kim Hee-won |
Nominated |
|||
Nominated |
TV Series නම් මං එච්චර බලන්නේ නැහැ මොන රට ක උනත්. කොරියන් කියල නෑ ඉතිං හැම එකක ම හොඳ දේවල් තියනවා. මිනිස්සුන්ට කොරියන් එපා කරේ අපේ මාධ්‍ය.
ReplyDelete