Skip to main content

බලන්නම ඕන ෆිල්ම් එකක් - INSANE

 INSANE 

සමහර වෙලාවට චිත්‍රපටයක් බලන්නේ කම්මැලිකමට, එහෙමත් නැත්තන් වෙන කරන්නම වැඩක් නැති කමට. කොහොම උනත් චිත්‍රපට පිලිබදව එකිනෙකාගේ රුචිකත්වය වෙනස්. නමුත් දෙයියනේ කියල මේ සටහන ලියන මටනම් ඕනෑම වර්ගයක චිත්‍රපටයක් බලන්න පුළුවන්. මගේ මුල්ම පොස්ට් එක විදිහට මන් ලියන්න යන්නේ මන් කාලෙකින් බලපු සුපිරි චිත්‍රපටයක් ගැන. චිත්‍රපටය බලන අතරතුර මට හිතුනේ 'මම මේ ෆිල්ම් එක බලන්න සැහෙන්න පරක්කු වෙලා නේද' කියලා. මොකද මම මේ කියන්න යන චිත්‍රපටය විකාශනය කරල තියෙන්නේ 2016 අවුරුද්දේ අප්‍රේල් හත් වැනිදා. ඔව්,මම බැලුවේ 2020 අවුරුද්දේ . වැඩි අටුවා ටීකා  නැතුවම මම චිත්‍රපටයේ සාරාංශයක් ඔබ වෙත ගෙන එන්නම්.


චිත්‍රපටයේ නම - INSANE


ප්‍රභේධය    - අභිරහස්, මනෝවිද්‍යාත්මක සහ ක්‍රියාදාම 


වර්ගය -  දකුණු කොරියානු චිත්‍රපට


අධ්‍යක්‍ෂනය - ලී චෙඔල් හා  


කාලය - පැය 1යි මිනිත්තු 31යි


 භාෂාව - කොරියන් 


අදායම් වාර්ථාව - ඇමරිකන් ඩොලර් මිලියන 6.7



අන්තර්ගතය - කිසිදු හේතුවක් නොදන්නා කැන්ග් සෝ හා නමැති තරුණිය මනෝ චිකිත්සක රෝහලක සිර කර තබා ඇති අතර, එහිදී ඇය එම ස්ථානයේ බිත්ති වලට කොටුවි ඇති කරදරකාරී , භයානක, ජුගුප්සාජනක සිදුවීම් තම දිනපොතේ සටහන් කරයි .රුපවාහිනි මාධ්‍යවේදියෙකු වන නා නම් සෝ විසින් තම වැඩසටහනක් සදහා තොරතුරු ගවේශනය අතරතුර මෙම අභිරහස් රෝහලේ සැඟවුණු රහස් අනාවරණය කර ගැනීමට උත්සාහ කරන අතර ඒ වන විටත් මිනීමැරුම් චෝදනාවකට සිර භාරයේ සිටින කැන්ග් නමැති තරුණියගෙන් තොරතුරු  ගැනීමට උත්සහ කරයි.

මෙලෙස ආරම්භ වන චිත්‍රපටයේ අවසානය ඔබට සිතාගත නොහැකි වනු ඇත. මක් නිසාද යත් එය කිසිවිටෙකත් අපේක්ෂා නොකළ අවසානයක් බැවිනි.

සත්‍ය  සහ බොරු, උමතුව, මානසික රෝහල්, දිනපොත සහ පෑන, රෝගීන්, නොවිසඳුනු නඩුව, පළිගැනීම,  සනීපාරක්ෂාව, ලිංගික අපහරණය, ව්‍යාකූල මානසික තත්ත්වයන් පිලිබදව, පැය එක හමාරක් වැනි කෙටි කලක් තුලදී මෙම චිත්‍රපටියෙන් කතා කරයි. අවසානය නොකියූ කතාවක ආරම්භයක් ලෙස දැක්විය හැකිය.

අවසානය විනිශ්චය කිරීම ඔබට භාර කරමි.

 




අංක එකේ චිත්‍රපටියක් වන INSANE, දකුණු කොරියාවේ  විකාශනය වූ පළමු සතිය ඇතුලත ඇමරිකන් ඩොලර් මිලියන 2.3 උපයා  ඇති අතර 2016 අවුරුද්දේ 37 වන Blue Dragon සම්මාන උළෙලේදී හොඳම නව නළුවා සම්මානයට මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වූ ලී සංග් යුන් නිර්දේශ වූ අතර හා 52 වන Grand Bell සම්මාන උළෙලේදී INSANE සදහා රංගනයෙන් දයක වූ  කන්ග් යේ වොන් හොඳම නිළිය සම්මානයටත් ලී සංග්යුන් හොඳම නව නළුවා සම්මානයටත් නිර්දේශ වූ බව සදහන් වේ.


 තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.

මම KVI's area එකේ  කවි.

Comments

  1. අලුත් බ්ලොග් එකක් ලියවෙනවා දැකීමත් සතුටක්! මමත් චිත්‍රපටි බලනවා, හැබැයි වැඩි හරියක් විද්‍යා ප්‍රබන්ධ තමා. දිගටම ලියමු. සුබ පැතුම්!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කළු සුදු චරිත ඇතුළේ අළු චරිත

  දෙදාස් විසි එකේ මැයි මාසේ විසි හතරවෙනිදා ප.ව හතරයි විසි තුනයි වෙලාව.   මාස ගාණකට පස්සේ ආයෙත් blog එක ලියන්න පටන් ගත්තා. මගේ අම්මා හැමදාම කියන්නේ "කවී ඔයා ලේසියෙන් දේවල් අතාරිනවනේ, එහෙම වෙන්න එපා. දෙයක් කරන්න පටන් ගත්තොත් දිගටම කොහොම හරි යන්න" කියලා.ඉතින් ඔන්න අම්ම කිව්වා නිසා අත ඇරෙන්න ගියපු දෙයක් ආයේ කරන්න පටන් ගත්තා. කොරෝනත් එක්ක මේ දවස් ටිකේම ගෙදරට වෙලා online lectures   සම්බන්ද වෙන ගමන් මගේ සුපුරුදු hobby එක වෙන kdrama බලන ගමන් ඉද්දි තමයි මේ ආපහු blog එක ආපහු ලියන්න පටන් ගත්තේ. ඉතින් මේ වෙලාවේ මං කල්පනා කරන්නේ මොනවා ගැනද   කියලා. මට ඇත්තටම කිසිම අදහසක් නම් නැ.   දෙදාස් විසි එකේ මැයි මාසේ විසි හතරවෙනිදා ප.ව. හයයි   හතරයි වෙලාව.   ලියන්න දෙයක් හිතුනා. ලොකුවට හිතන්නේ නැතුව මං   බලන kdrama එකක් ගැන ලියන එක හොද restart එකක් වෙයි කියලයි හිතුවේ.   👀 හොදයි මෙහෙම පටන් ගමු.   කළු සුදු චරිත  ඇතුළේ  අළු චරිත  කොරියානු සිනමාව ,   කතා මාලා හා කොරියානු පොප් සංගීතය කිව්වහම ලංකාවෙ බොහෝ දෙනෙක් හිනාවෙ...

මගේ මතකේ රැදුන නත්තල්

  🎄 නත්තල් 🎅 බෞද්ධ මාත් නත්තල් කියන වචනෙට මාර ආසයි. මන් පොඩි කාලෙ මගෙ නත්තල් මතක ගොඩක් තියෙනවා. ඒ අතරින් මගෙ හොදම මතකෙ තමා නත්තල එනවා කියල කියන සීතල හුළග. ලංකාවෙ ඉන්න අපිට ඉතින් නත්තල් හිම කියන්නෙ නම් හීනයක්නෙ. ඒත් සීතල හුළග නම් මට අවුරුද්දෙ ඕනම කාලෙක මතක් කර කර විදින්න පුලුවන්. නත්තලත් එක්ක මට තියෙන්නෙ සුපිරි මතකයන් කිව්වොත් හරි. මොකද අපේ ගෙදර එකා යකා වෙච්චි මට නත්තල කියන්නෙ ඉතින් තෑගි ගොඩක් හම්බෙන දවසක්..කිතුණු යාලුවොන්ට ඒක සාමාන්‍ය වුණාට බෞද්ධ හැමෝටම එහෙම නත්තල විශේෂ නෑනේ.😉 කොහොමහරි මං චූටි කාලෙ ඉදන්ම නත්තල් දවසට ලෑස්ති වෙන්නෙ දෙසැම්බර් මාසෙ පටන් ගන්නවත් එක්කමයි..පුදුම රාජකාරි ගොඩක් තිබ්බෙ ඒ කාලෙ ඉදන්ම😋 📽ෆිල්ම් බැලීම. "සීතල දෙසැම්බරේ සිරස ටීවි එකෙ පෙන්නන ළමා චිත්‍රපට නරඹා පුංචි යාලුවොත් තෑගි දිනාගන්න"▲ එහෙම තමා සිරසේ කතා කරන ඇන්ටි ෆිල්ම් බලන්න එන්න කියල අපිට කිව්වෙ..ඒ තාලෙට තාමත් ඒ වාක්‍ය කියන්න පුලුවන්. ඉතින් කෝම හරි ඒ කාලෙ ඔය හඩකවපු ළමා චිත්‍රපට බලන එක තම නත්තල් කාලෙ මගෙ ප්‍රමුඛ රාජකාරිය. නත්තල් දවසෙ උදේ ඉදන් ටී.වී එක ඉස්සරහ ඉදගෙන නත්තල් දේව මෙහෙය බලලා, ඊළගට යන හින්...