දෙදාස් විසි එකේ මැයි මාසේ විසි හතරවෙනිදා ප.ව හතරයි විසි තුනයි වෙලාව. මාස ගාණකට පස්සේ ආයෙත් blog එක ලියන්න පටන් ගත්තා. මගේ අම්මා හැමදාම කියන්නේ "කවී ඔයා ලේසියෙන් දේවල් අතාරිනවනේ, එහෙම වෙන්න එපා. දෙයක් කරන්න පටන් ගත්තොත් දිගටම කොහොම හරි යන්න" කියලා.ඉතින් ඔන්න අම්ම කිව්වා නිසා අත ඇරෙන්න ගියපු දෙයක් ආයේ කරන්න පටන් ගත්තා. කොරෝනත් එක්ක මේ දවස් ටිකේම ගෙදරට වෙලා online lectures සම්බන්ද වෙන ගමන් මගේ සුපුරුදු hobby එක වෙන kdrama බලන ගමන් ඉද්දි තමයි මේ ආපහු blog එක ආපහු ලියන්න පටන් ගත්තේ. ඉතින් මේ වෙලාවේ මං කල්පනා කරන්නේ මොනවා ගැනද කියලා. මට ඇත්තටම කිසිම අදහසක් නම් නැ. දෙදාස් විසි එකේ මැයි මාසේ විසි හතරවෙනිදා ප.ව. හයයි හතරයි වෙලාව. ලියන්න දෙයක් හිතුනා. ලොකුවට හිතන්නේ නැතුව මං බලන kdrama එකක් ගැන ලියන එක හොද restart එකක් වෙයි කියලයි හිතුවේ. 👀 හොදයි මෙහෙම පටන් ගමු. කළු සුදු චරිත ඇතුළේ අළු චරිත කොරියානු සිනමාව , කතා මාලා හා කොරියානු පොප් සංගීතය කිව්වහම ලංකාවෙ බොහෝ දෙනෙක් හිනාවෙ...
The blog = To share To connect To create To inspire